ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)

    ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි.ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.

   2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්, එච්.ටී.සී, ඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.
  ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.
  • 1.5 (කප් කේක්) - මූලිකව ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- මූලිකව ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)-ට්‍රැබ්ලට් පරිඝණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'-ට්‍රැබ්ලට් පරිඝණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'-ට්‍රැබ්ලට් පරිඝණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් )-ට්‍රැබ්ලට් පරිඝණක හා ජංගම දුරකථන සදහා
මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ් ,අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් ආනුවාදය මුලින්මයොදාගනු ලබන ජංගම දුරකථනයයි.

ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ගේම්ස්, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම ඇප්ස් නිශ්පදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ.

  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය‍ නිල වශයෙන් හෝ විධිමත් ලෙස සිංහල අකුරු සඳහා සහාය නොදක්වයි. එනමුත් SETT නම් බ්‍රව්සරයක් යොදා ඇන්ඩ්‍රොයිඩ් යොදා ගන්නා උපකරණ වලින් සිංහල අක්ෂර කියවිය හැකිය. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් මගින් රූට් කර සිංහල භාෂාව යුනිකේත භාවිතයට ගත හැකිය,16:23, 21 ජනවාරි 2012 (යූටීසී)
තවද Opera mini බ්‍රව්සරය මගින්ද සිංහල අක්ෂර කියවිය හැකිය.
ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න,
1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න.
2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක yes සකසා save බොත්තම ඔබන්න

මෙම ආකාරයට සැකසුම් සෑදීමෙන් වෙබ් පිටුවල ඇති සිංහල අක්ෂර කියවීමට හැකි අතර මෙම ක්‍රමය මගින් සාර්ථක ලෙස සිංහල අක්ෂර ලබා ගැනීමට නොහැකි වූවත් එය යම්තාක් දුරට සිංහල අක්ෂර කියවීමට ඔබට උපකාරී වේ.


 

$මොසිල්ලා ෆයර්ෆොක්ස්$

      මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.වෙබ් පිටු විදහා දැක්වීම සඳහා Gecko layout engine ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.

tabbed browsing, අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිම spell checker, incremental find, live bookmarking, බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), Private browsing, ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි.ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක.

   ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) මොසිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පසුව ෆයර්බර්ඩ් නමින් නැවත නම් තැබූ මෙය2004 නොවැම්බර් 9 වන දින මොසිල්ලා ෆයර්ෆොක්ස් ලෙස වෙනස් කෙරිණ.ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය.2008 ජූනි 17 වන දින මොසිල්ලා පදනම විසින් මොසිල්ලා ෆ‍යර්ෆොක්ස් 3 නිකුත් කරන ලදි.මොසිල්ලා පදනම විසින් Tumucumaque කේතනාමය යටතේ 2011 මාර්තු 22 වැනි දින ෆයර්ෆොක්ස් 4 අනුවාදය නිකුත් කරන ලදී.මෙම 4.0 වැනි අනුවාදය HTML5, CSS3, WebM සහ WebGL. යන අංගයන් අළුතින් එක් කළ හෝ ඒවා සඳහා දක්වන සහය වැඩි දියුණු කළ ගෙකො 2.0 පිරිසැලසුම් යන්ත්‍රය මත පිහිටුවා ඇති අතර නවතම ජාවාස්ක්‍රිප්ට් (JägerMonkey) යන්ත්‍රයකින් සහ වඩා දියුණු XPCOM අයදුම් ක්‍රමලේඛණ අතුරු මුහුණත් වලින් සමන්විතය.ෆයර් ෆොක්ස් 5 යනු නවතම ස්ථායී අනුවාදයයි. 2011 ජූනි මස 21 වනදා  නිදහස් විය.

   සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි.. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි. එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ. මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.

Web browsers (Global marketshare)

අධ්‍යාපනික ලිපි,රසවත් කතා කියවීමටත්,දුර්ලභ ජායාරූප නැරඹිමටත්,අන්තර්ජාලයේ සිදුවන අලුත් දෑ ඉක්මනින් දැනගැනිමටත් හැකි බ්ලොග් අඩවිය!
Knowledge Base
connect with us:Facebook Page
:G+