$මොසිල්ලා ෆයර්ෆොක්ස්$

      මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.වෙබ් පිටු විදහා දැක්වීම සඳහා Gecko layout engine ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.

tabbed browsing, අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිම spell checker, incremental find, live bookmarking, බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), Private browsing, ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි.ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක.

   ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) මොසිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පසුව ෆයර්බර්ඩ් නමින් නැවත නම් තැබූ මෙය2004 නොවැම්බර් 9 වන දින මොසිල්ලා ෆයර්ෆොක්ස් ලෙස වෙනස් කෙරිණ.ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය.2008 ජූනි 17 වන දින මොසිල්ලා පදනම විසින් මොසිල්ලා ෆ‍යර්ෆොක්ස් 3 නිකුත් කරන ලදි.මොසිල්ලා පදනම විසින් Tumucumaque කේතනාමය යටතේ 2011 මාර්තු 22 වැනි දින ෆයර්ෆොක්ස් 4 අනුවාදය නිකුත් කරන ලදී.මෙම 4.0 වැනි අනුවාදය HTML5, CSS3, WebM සහ WebGL. යන අංගයන් අළුතින් එක් කළ හෝ ඒවා සඳහා දක්වන සහය වැඩි දියුණු කළ ගෙකො 2.0 පිරිසැලසුම් යන්ත්‍රය මත පිහිටුවා ඇති අතර නවතම ජාවාස්ක්‍රිප්ට් (JägerMonkey) යන්ත්‍රයකින් සහ වඩා දියුණු XPCOM අයදුම් ක්‍රමලේඛණ අතුරු මුහුණත් වලින් සමන්විතය.ෆයර් ෆොක්ස් 5 යනු නවතම ස්ථායී අනුවාදයයි. 2011 ජූනි මස 21 වනදා  නිදහස් විය.

   සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි.. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි. එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ. මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.

Web browsers (Global marketshare)

0 comments:

Post a Comment

අධ්‍යාපනික ලිපි,රසවත් කතා කියවීමටත්,දුර්ලභ ජායාරූප නැරඹිමටත්,අන්තර්ජාලයේ සිදුවන අලුත් දෑ ඉක්මනින් දැනගැනිමටත් හැකි බ්ලොග් අඩවිය!
Knowledge Base
connect with us:Facebook Page
:G+